කොටස් වෙළෙඳපොළේ පසුබෑමත් සමඟ රන් මිල පහළට

Gold Price in Sri Lanka Today Gold Price Economy of Sri Lanka Dollars Sinhala news
By R.rishma Nov 25, 2026 10:49 AM GMT
Report

අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාමත් සමඟ ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (25) 1%කින් පහළ ගොස් තිබේ.

ඒ අනුව, රන් අවුන්සයක Spot Gold මිල ඩොලර් 3,519.94ක් දක්වාත්, අනාගත ගිවිසුම් මිල ඩොලර් 3,519ක් දක්වාත් අඩු වී ඇත.

අමෙරිකාවේ ඉදිරි උද්ධමන දත්ත සහ ෆෙඩරල් සංචිතයේ පොලී අනුපාත තීරණ පිළිබඳ ආයෝජකයින්ගේ අවධානය ද රන් මිල පහත වැටීමට බලපා තිබේ.

මේ අතර, රිදී, ප්ලැටිනම් සහ පැලේඩියම් මිල ගණන් ද අද පහළ ගොස් ඇති අතර, රන් මිල යථා තත්ත්වයට පත්වීම 2027 වසරේ මුල් භාගය දක්වා මන්දගාමී විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.