ජොන්ස්ටන්ට අධිකරණයෙන් දඩ සහ අත්හිටවූ සිරදඬුවම්

Johnston Fernando Latest Headlines Sinhala news Arrest Remand
By R.rishma Nov 25, 2026 06:32 AM GMT
Report

නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ තීන්දුව අද (25) ප්‍රකාශයට පත් කර තිබේ.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශයට පත් කළ එම තීන්දුව අනුව පළමු චෝදනාවට රුපියල් 5,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාසයක සිරදඬුවමක් නියම කර ඇත.

දෙවැනි චෝදනාවට රුපියල් ලක්ෂයක දඩයක් සහ මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇති අතර, එම සිරදඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කර තිබේ.

තුන්වැනි චෝදනාවට රුපියල් 25,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇත.