නාමල්ට ඇප ලැබෙයිද? තීරණාත්මක දිනය අධිකරණයෙන් ප්‍රකාශයට පත් කරයි

Namal Rajapaksa Bribery Commission Sri Lanka Latest Headlines Sinhala news Airbus Bribery Scam
By R.rishma Oct 28, 2026 07:43 AM GMT
Report

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

කොළඹ කොටුවේ ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ පිහිටි ඉඩමක් බහුකාර්ය ව්‍යාපෘතියක් සඳහා ක්‍රිෂ් සමාගම වෙත පැවරීමට අදාළ කටයුතු ඉටුකර දීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.