ඉන්දියාවේ නම වෙනස් වෙයිද?

India World
By Hashini Sep 05, 2023 11:07 AM GMT
Report

ඉන්දියාවේ නම භාරත් ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ යළි කතාබහක් හට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය පැවසුවේ G20 සමුළුවට සමගාමීව ඉන්දීය ජනාධිපතිවරයා විසින් රාජ්‍ය නායකයින් සඳහා පවත්වනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහයේ ආරාධනා පත්‍රය පදනම් කර ගනිමින් මෙම ප්‍රශ්නගත කාරණය මතුව ඇති බවයි.

අදාළ ආරාධනා පත්‍රයේ ජනාධිපති ද්‍රෞපදි මුර්මු "ඉන්දියාවේ ජනාධිපති" වෙනුවට "භාරත් හි ජනාධිපති" ලෙස හඳුන්වා දී ඇති බවයි.

ඉන්දියාවේ නම වෙනස් වෙයිද? | Will India S Name Change

මේ සම්බන්ධයෙන් විපක්ෂයේ පිරිස් දැඩි ලෙස ගැටළුකාරී තත්ත්වයක් මතු කර ඇතැයි ද සඳහන්.

ඒ අනුව ඉන්දියාවේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වය හට ගෙන ඇතැයි ද වාර්තා වනවා.

මීට පෙර අවස්ථා දෙකකදී ද ඉන්දියාවේ නම භාරත් ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් කතිකාවතක් මතු කර තිබුණා.

2016 හා 2020 වසරවලදීයි.