ජීවිත 112ක් බිලිගත් මාරාන්තික ගින්න - සංවේදී වීඩියෝ දර්ශන සහිතයි - (VIDEO)

Fire Wildfire Chile
By Sewvandhi Feb 05, 2024 04:13 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

චිලි රාජ්‍යයේ වල්පරයිසෝ ප්‍රදේශයේ (Valparaíso)පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 112 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, එරට ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් මහතා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර තත්ත්වය සමනය කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදුකිරීමට කටයුතු කර ඇති බවයි.

මෙය චිලියේ රජ්‍ය මෙතෙක් වාර්තා වූ ලැව්ගිනි අතරින් මාරාන්තිකම ලැව්ගින්න ලෙස සැලකේ. ‍මෙම ලැව්ගින්නට හසු වී පීඩාවට පත් වූවන්ගෙන් බොහෝදෙනෙක් ගිම්හාන නිවාඩු කාලය තුළ වෙරළබඩ කලාපයට පැමිණි පිරිස බව සඳහන් වේ.

මෙම ප්‍රදේශයේ සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් කර ඇති අතර තාවකාලික රෝහල් ස්ථානගත කිරීමට පියවර ගෙන තිබේ. ‍ සහන කණ්ඩායම් විපතට පත්ව සිටින පිරිස බෙරා ගැනීමට දැඩි පරීශ්‍රමයක් දරන බවත් විපතට පත් ප්‍රදේශවලට ළඟා වීමට අසීරූ බවත් සඳහන් වේ.

මේ අතර එරට බලධාරීන් පවසා ඇත්තේ ඉදිරි පැය කිහිපය තුළ මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවය. නිවාස 3,000ත් 6,000ත් අතර සංඛ්‍යාවක් ලැව්ගිනි හේතුවෙන් විනාශ වී තිබේ.


Sponsored By Sarrita Jewellery

ජීවිත 112ක් බිලිගත් මාරාන්තික ගින්න - සංවේදී වීඩියෝ දර්ශන සහිතයි - (VIDEO) | Wildfire Chile Government