අධිකරණ ඇමතිගෙන් පොලිස්පතිට විශේෂ ලිපියක් - සති දෙකක් කාලය ලබා දෙයි..?
සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන බලපත්‍ර නොදුන් බව පවසමින් මාතර ප්‍රාදේශිය ලේකම්වරිය ප්‍රතිකාර ලබා ගැනීමට මාතර රෝහලට ගොස් සිටි අවස්ථාවේ සිර අඩස්සියේ තබා ගනිමින් හිංසා පීඩා කිරීම සම්බන්ධව පුර්ණ පරීක්ෂණයක් සිදු කරන්නැයි ගරු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.
පසුගිය ජූනි 25 වන දින ප්‍රාදේශිය ලේකම්වරිය මෙම සිද්ධියට මුහුණ දුන් අතර ඇයව සිර අඩස්සියේ තබා ගනිමින් හිංසා පීඩාවන්ට පත් කර ඇති බවට රාජ්‍ය නිලධාරීන් ගනණාවකගෙන් පැමිණිලි ලැබී ඇති අතර ජනමාධ්‍ය මගින්ද මෙම සිද්ධිය වාර්තා කරමින් විශාල ප්‍රසිද්ධියක් ලබා දී ඇති බව අමාත්‍යවරයා යොමු කර ඇති ලිපියේ සඳහන්.
විශේෂයෙන් රජයේ රෝහලක් කුළ මෙවැනි අශිලාචාර සහ ම්ලේච්ච තත්වයක් ඇති කිරීම සම්බන්ධව නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාවක් නොමැති බවත් රෝගීන්ගේ උපරිම යහපත වෙනුවෙන් කටයුතු කරන බවට දිවුරුම් දී ඇති රෝහලේ වෛද්‍යවරුන් හා පරිපාලකයින් මේ සදහා වගකිව යුතු බව අදාළ ලිපිය මගින් අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.
මෙම සිද්ධිය පිළිබදව පුර්ණ පරීක්ෂණයක් පවත්වා එම ක්‍රියාවට සම්බන්ධ සෑම තැනැත්තෙකුට එරෙහිවම අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටයි ඔහු දන්වා ඇත්තේ.
එම පරීක්ෂණ වාර්තා පිටපත් නීතිපතිවරයාට, සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ අධිකරණ අමාත්‍යාංශය වෙත ලැබීමට සලස්වන ලෙසත් සති දෙකක් තුළ එම වාර්තා ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද අධිකරණ අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද ලිපියෙහි සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |