ජනපති ගෝඨාභය ඉවත් වුවහොත් ජනපති තනතුර බැසිල්ට.. අමාත්‍යවරයෙකු කළ හෙළිදරව්ව..
Basil Rajapaksa
Sri Lanka
Gota Go Home 2022
By Sithumi
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වුන හොත් ඉන් අනතුරුව පත්වන ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ විය හැකි බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ පවසනවා. එබැවින් වෙනස් කළ යුත්තේ පුද්ගලයා නොව පවතින ක්‍රමය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මේ බව සඳහන් කළේ අද මහනුවරට පැමිණ මහා නා හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ අතර විධායක ජනාධිපති ක්‍රමය පූර්ණ වශයෙන් අහෝසි කිරීම සුදුසු නොවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී හිමියන් පවසනවා.
උන්වහන්සේ ඒ බව සඳහන් කළේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අද මහනුවරදී මහ නාහිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීයි.