කළබල කළොත් වෙන්නේ මේකයි - ගත්ත විශේෂ තීරණයක් මෙන්න.

Dr Wijeyadasa Rajapakshe Sri Lanka Politician Latest Headlines Decision Making
By krishani Feb 06, 2024 12:07 PM GMT
Report

ඉන් ඉදිරියට පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රැඳවියන් කළහකාරී ලෙස කටයුතු කළහොත් ඔවුන් එම මධ්‍යස්ථානවලින් ඉවත් කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගනු ලබයි.

කළබල කළොත් වෙන්නේ මේකයි - ගත්ත විශේෂ තීරණයක් මෙන්න. | Wijayadasa Rajapakshe Announsment

ඒ බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ඇතුළු වීමෙන් එහි නිතර නිතර ගැටුම් ඇතිවන අවුල් සහගත තත්වයක් නිර්මාණය වී ඇති බව ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ ඒ ජාවාරම්කරුවන්ට අවශ්‍ය වී ඇත්තේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට බවයි.