අන්තිම කැමැති පත්‍රයේ නව වෙනසක්..

Parliament of Sri Lanka Dr Wijeyadasa Rajapakshe Sri Lanka Politician
By krishani Oct 19, 2022 09:56 AM GMT
Report

අන්තිම කැමති පත්‍රය 5 දෙනෙකු අත්සන් කිරීමේ ක්‍රමවේදය ඉවත් කර නොතාරිස්වරයෙකු ඉදිරියේ ලියා අස්සන් කරන ක්‍රමවේදය හඳුන්වා දීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

අද (19) දින සංශෝධන පනත් කෙටුම්පත් 5ක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුන් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ය.

එසේ ඉදිරිපත් කරන ලද සංශෝධන පනත් කෙටුම්පත් 5 වන්නේ, අන්තිම කැමති පත්‍ර සංශෝධන පනත් කෙටුම්පත, ඇටෝනි බලපත්‍ර සංශෝධන පනත් කෙටුම්පත, ලේඛන ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත, වංචා වැළැක්වීමේ පනත් කෙටුම්පත සහ නොතාරිස් සංශෝධන පනත් කෙටුම්පතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join