අලුත උපන් බබාගේ සිරුර සීතල වෙන්නේ ඇයි?

By Wayomi Jul 11, 2022 12:23 PM GMT
Report

අලුත උපන් බබාලට ඇති වන සමහර ලක්ෂණ නිසා අම්මලා බය වෙනවා. ඒ වගේ අස්ථාව ඕන තරම් තියෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ කරුණක් ගැනයි.

⚜️ අලුත උපන් බබාගේ ශරීර උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් 37 ට වැඩියි. උණුසුම අඩු වුවහොත්, සෙන්ටිග්‍රේට් 35ක් පමණ වුවහොත් එවිට බබාගේ සිරුර සීතල වෙනවා. එය එතරම් සුදුසු තත්වයක් නෙවෙයි.

⚜️ බබාගේ සිරුරට විෂබීජයක් ගියාම උණ හැදෙන්න හෝ සීතල වෙන්න පුළුවන්. ඒ නිසා .ඒ නිසා ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. මොකද සාමාන්‍යයෙන් අලුත් උපන් දරුවන්ගේ ශරීර උෂ්ණත්වය අඩු වෙන්නේ නැහැ.

⚜️ මීට අමතරව බබාට හොඳට මව් කිරි නොලැබුණාත් සීතල වෙනවා. එම අවස්ථා වලදී නිසි ලෙස කිරි දීම සිදු කළ යුතුයි.

⚜️ ඒත් බබාව හොඳින් උණුසුම් කර තිබියදීත්, හොඳට කිරි දීලා තියෙද්දිත් බබාගේ අත පය සීතල වෙනවා නම් වහාම රෝහලට අරගෙන යන්න. වෛද්‍ය උපදෙස් ගන්න.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW