ලංකාවේ පරිප්පු වගා කරන්න බැරි ඇයි ?

Sri Lanka Ministry of Agriculture
By Wayomi Jun 22, 2022 11:52 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අපි හැමදාම කන්නෙත් පරිප්පු හැමදාම හොයන්නෙත් පරිප්පු හැබැයි මේ දවස් වල නම් පරිප්පු කන හීනයක් වෙලා. ඒ තරමටම අහස උසටම මිල නැගලා. අපි හැමදාම බලන් ඉන්නේ ඉතින් වෙන රටකින් ගේන පරිප්පු කන්නනේ. ගොඩක් අය ලංකාවේ පරිප්පු හැදෙන්නේ නැහැ කියලා.

මොකද ලංකාවට පරිප්පු ආනයනය කිරීම මහා පරිමාණ ව්‍යාපාරයක්. ලොව විශාලම පරිප්පු පිරිපහදුව පවතින්නේත් ලංකාවේ. ඒ නිසා ලංකාවට පරිප්පු විකුණා විදේශ විනිමය උපයාගැනීම ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටවල ගොවියන් කරන දෙයක්. තස්මේනියාව තරම් කුඩා රටක් වුවත් ලංකාව සරු පසකටත්, සාපේක්ෂව ගොවිතැන සදහා ජල පහසුවත්, වගා සදහා වගා නොකරන ලද ඉඩම් පවතින රටක්.

අවුරුදු ගණනාවක් පුරා ලංකාවට පරිප්පු ගෙන්වීම කල සමාගම් අද රටේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාර වී ඇති අතර, පරිප්පු වගා කිරීම පිළිබද දැනුම ලංකාවේ ගොවීන්ට ලබා නොදීම ඔවුන්ගේ උපක්‍රමයක්.

නමුත් වාකරේ පැත්තේ ගොවින් මේ වැඩේට අතගහලා තියෙන්නේ. ඔබටත් පුළුවන් මහා පරිමාණයෙන් නොකළට ගෙවත්තේ පුංචි ඉඩක ඔබට අවශ්‍ය වන පරිදි පරිප්පු වගා කරන්න.

පරිප්පු වගා කරන ආකාරය

- යෝගට් කෝප්පයකට හෝ වෙනත් පුංචි කප් එකකට තෙත පස් ටිකක් දාලා එකට ඇලුනු ඇට කීපයක් දාලා තියන්න.

- පැය 24කින් පමණ අංකුර මතු වේවි.

- පැය 48ක් යද්දි මුං ඇට වල වගේ sprouts එයි.

- පසුව පැලවුන ඇට කීපය පෝච්චියක තවන් කරන්න.

- පැල තරමක් ලොකු වෙද්දී පොඩි ඉඩක තවාන් කරන්න පුළුවන්.

- ශාක කහ පැහැයට හැරෙන විට කරල් දුඹුරු පැහැයට හැරෙන විට පරිප්පු අස්වැන්න නෙළන්න පුළුවන්.  


වෙනත් කරුණු

- පරිප්පු වලට කාබනික ද්‍රව්‍යවලින් පොහොසත් ලිහිල්, හොඳින් ජලය බැස යන පසකට සුදුසුයි. (කොම්පෝස්ට් එකතු කරන්න)

- 0 6.0 ත් 6.5 ත් අතර pH අගය සහිත පසක පරිප්පු වඩාත් හොඳින් වැඩේ. - පරිප්පු ඒකාකාරව තෙතමනය වැඩෙන පස තබා ගන්න.

- පරිප්පු වෙනත් රනිල කුලයට වඩා නියඟයට ඔරොත්තු දෙන නමුත් වියළි කාලවලදී අස්වැන්න අඩු වනු ඇත.

- අස්වැන්න නෙළන කාලය ආසන්නයේ කරල් වියළීමට පටන් ගත් පසු පරිප්පු වලට වතුර දමන්න එපා.

- අධික ආර්ද්‍රතාවය අස්වැන්න හා බීජයේ ගුණාත්මකභාවය අඩු කරයි.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW