සති 37ට පෙර දරු ප්‍රසූතිය ඇති වෙන්නේ ඇයි ?
සාමාන්‍යයෙන් මවකගේ සම්පූර්ණ ගර්භණී කාලය වන්නේ සති 40 ක්. දින වලින් ගත්තොත් දින 280ක්. මෙහිදී ගර්භයට සති 37ක් 42ක් වගේ වෙනකොට සාමාන්‍ය ක්‍රමයට හෝ සිසේරියන් ක්‍රමයට දරු ප්‍රසූතිය සිදු කරනවා.හැබැයි නියමිත දිනට පෙර ස්වාභාවික ලෙස ප්‍රසව වේදනා ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වන විට කලලය ඉතාම නොමේරු අවස්ථාවක නම් තියෙන්නේ, එවැනි ගැටලු පාලනය කරන්න වෛද්‍යවරු උත්සහ ගන්නවා. හැබැයි එහෙම කරන්න බැරි වුණොත් නියමිත දිනයට කලින් ප්‍රසූතිය ඉක්මන් කරන්න සිදු වෙනවා.
සති 37ට පෙර ප්‍රසව වේදනා ඇති වීමට බලපාන හේතු.
? මේකට විවිධ හේතු තියෙන්න පුළුවන්.
? මේකට ප්‍රධානම හේතුව තමයි මීට පෙර ප්‍රසූත වලදී විවිධ ගැටළු වලට මුහුණදීම
? ඒ වගේම කෙටි ගැබ් ගෙලක් පිහිටීම.
? ගර්භණීතාවන් දෙකක් අතර කාල පරතරය අඩුවීම (ගැබ් ගැනීම් දෙකක් අතර පරතරය අවමය වසර එක හමාරක් පමණ විය යුතුයි)
? ගර්භාෂයක් හෝ ගැබ් ගෙලේ ශල්‍යකර්මවලට මුහුණ දීම
? නිවුන් දරුවන් ගැබ් ගෙන සිටීම.
? ගර්භනී සමයේ සිරුරේ බර 185ට අඩු වීම.
? ඒ වගේම මත්පැන්, දුම්වැටි භාවිතා කරන කාන්තාවන් ද මේ තත්වයට මුහුණ දිය හැකියි.
ප්‍රසූතියක් ඉක්මන් කරවීමට සිදුවන්නේ ඇයි?
? සාමාන්‍ය ප්‍රසූතියක් ඉක්මන් කිරීම අවස්ථා දෙකක් යටතේ සිදු කරනවා.
? එකක් තමයි හදිසි තත්ත්වයන් මත සිදු කරන ප්‍රසූතිය.
? අනික මවගේ හෝ දරුවාගේ සංකූලතාවක් දැක ගැනීමෙන් අනතුරුවත් හදිසි ප්‍රසූතියක් සඳහා යොමුවන අවස්ථා.