ඇත්තටම තුවාල කැසීමට ලක් වන්නේ ඇයි?
අපේ සිරුරේ තුවාලයක් ඇති වූ විට දවසක් දෙකක් යද්දී කසන්න පටන් ගන්නවා නේද? සමහරු නම් කියන්නේ ඒ තුවාල හොඳ වෙද්දී එහෙම වෙනවා කියලා. අපි බලමු, ඇත්තටම තුවාල කසන්න බලපාන හේතු මොනවද කියලා.
? තුවාලයක් සුව වෙද්දී තුවාලය කසන්න පටන් ගන්නවා කියන කතාව ඇත්තක්. නමුත් හේතුව ඒකම කියලා කියන්න බෑ.
? මේකට හේතු දෙකක් තියෙනවා. ඒ දෙකම ඇති වන්නේ ඔබේ ශරීරය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ දැරීමේදීයි.
? ඔබේ සමේ මතුපිටට මදක් පහළින් ඇති සංවේදී ස්නායු බලපෑමට ලක් වූ ප්‍රදේශයේ අසාමාන්‍ය දෙයක් සිදුවන බවට ඔබේ මොළයට සංඥා යවනවා.
? තුවාල වීමෙන් පසු සම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා උත්තේජනය කරනු ලබනවා. මොළය මෙම සංඥා සීරීමට අවශ්‍ය කැසීමක් ලෙස වටහා ගන්නවා.
? තුවාලයකට ප්‍රතිචාර වශයෙන් ශරීරය හිස්ටමින් නමැති රසායනිකය නිකුත් කරන අතර මෙම රසායනිකය තුවාලය සුව කිරීමට උපකාරී වෙනවා.එහි ප්‍රතික්‍රියාවක් ලෙස තුවාලය අවට කැසීම ඇති කරයි.
? නමුත් තුවාලය කසන්න එපා. මොකද නැවත තුවාලය පෑරෙන්න පුළුවන්.ඒ නිසා තුවාලය අවට සම පමණක් සෙමෙන් පිරිමදින්න.
? කැසීම සෑම විටම තුවාලය සුව වන බවට අඟවන ලක්ෂණයක් නොවෙන්න පුළුවන්. ඒ නිසා තුවාලය රත්පැහැ ගැන්වීම, විසර්ජනය සහ/හෝ ස්පන්දනය වීම වැනි ආසාදන ලක්ෂණ ගැන විමසිල්ලෙන් සිටින්න. ඒ සම්බන්ධයෙන් ඔබ පුළුවන් වෛද්‍යවරයාගෙන් අසා උපදෙස් ගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |