යට ඇදුම් වල නිතර පැල්ලම් සලකුණු හා සිදුරු ඇති වන්නේ ඇයි?

By Wayomi Oct 24, 2022 12:08 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි යට ඇඳුම් වල පැල්ලම් සලකුණු සහ සිදුරු ඇතිවීම. විශේෂයෙන්ම මේ ප්‍රශ්නය වැඩිපුරම තියෙන්නේ කාන්තාවන්ට. ඉතින් මේ තත්වය මොකක්ද හරි ලෙඩක්ද කියලා හිතලා බය වෙලා වෛද්‍ය උපදෙස් ගන්න පවා හිතන අය නැතුවාම නෙවෙයි.

යට ඇඳුම් මත ඇති වෙන යෝනී පැල්ලම්

🔅 ඔබේ යෝනී මාර්ගයෙන් පිටවෙන සමහර ආම්ලික ස්‍රාවයන් ඔබේ යට විරංජනය කරනවා.

🔅 එවිට ඒවා මත තැඹිලි හෝ සුදු පැල්ලම් දකින්න පුළුවන්.

🔅 යෝනි මාර්ගයේ ස්වාභාවිකවම ආම්ලික පරිසරයක් පවතිනවා. යෝනි මාර්ගයේ ඇති හොඳ බැක්ටීරියා වන ලැක්ටොබැසිලි, ආසාදනවලට ගොදුරු නොවන පරිදි Ph අගය නිවැරදි මට්ටමේ තබා ගැනීමට උපකාරී වෙනවා.

🔅 ඉතින් ඔබේ යෝනියෙන් පිටවෙන ස්‍රාව ඔබේ යට ඇඳුම් විරංජනය කරන්නේ ඉතා හොඳ හේතුවක් නිසයි.ඒකට බිය විය යුතු නැහැ.


යට ඇදුම් වල සිදුරු ඇතිවීම

🔅 නිතර තෙතමනය පැවතිර නිසා ඉක්මනින් දිරා යාමත් දහඩිය ඇතුළු අනෙකුත් ස්‍රාවයන් නිසා කුහුඹුවන් වැනි සතුන් ආහාරයට ගැනීමත් නිසා සිදුරු ඇති වෙන්න පුළුවන්.

🔅 ඒ වගේම මුත්‍රා හා යෝනී ස්‍රාව නිසා ඇතිවෙන පැල්ලම් ඉවත් කරන්න ඔබ තදින් ඇතිල්ලීම හා රළු සේදුම් දියර යෙදීමද ඊට හේතු විය හැකියි.


මේ ගැන ඔබ බිය විය යුතුද?

🔅 මෙම ස්‍රාවයන්ගේ කලබල විය යුතු තරම් ගන්ධයක් නැති නම් කහ , කොළ හා දුඹුරු වැනි අසාමාන්‍ය වර්ණයක් නොමැති නම් ඔබ කලබල විය යුතු නැහැ.

🔅 ඒ මෙම පැල්ලම් ඇතිවෙන්නේ ඔබේ යෝනී මාර්ගය එය විසින්ම පිරිසිදු වීමට ගන්නා ක්‍රියාමාර්ගයක් ලෙසයි. ඔබේ යට ඇදුම් වල සනීපාරක්ෂාව

🔅 ඔබේ යෝනිය නිතර ස්වයං පිරිසිදු කිරීමට ලක්වෙන නිසා නිතර තෙතමනය පවතිනවා.

🔅 එමෙන්ම ඔබට නිතර දහඩිය දමද්දී ඔබේ යට ඇදුම් වල දහඩියද එකතු වෙන්න පුළුවන්. ඒ වගේම යට ඇදුම් වල මුත්‍රා රැදෙන්න අවස්ථාවද තියෙනවා.

🔅 ඒ නිසා ඔබේ යට ඇදුම් වැඩි තෙතමනයෙන් යුක්ත අතර විෂබීජ ,බැක්ටිරියා හා වෛරස් ක්‍රියාකාරී වී යෝනියේ සෞඛ්‍යයට බලපෑම් කරන්න පුළුවන්.

🔅 එවිට සුදයාම, රෑෂ් ,කුෂ්ඨ වැනි ආසාදන ඔබට ඇතිවෙන්න ඉඩ තියෙනවා.

🔅 අන්න ඒ නිසා ඔබේ යට ඇදුම් වල සනීපාරක්ෂාව ගොඩාක් වැදගත්.

🔅 ඒ නිසා මුත්‍රා කිරීමෙන් පසු සහ සේදීමෙන් පසු යළි යට ඇඳුම අඳින්න කලින් තෙත් වූ යෝනි අවට, ඉකිලි පිරිසිදු කපු රෙද්දකින්ම බේබි නැපි ලේන්සුවකින් හෝ ආරක්‍ෂිත ටිෂූ එකකින් තෙත මාත්තු කරන්න.


ඊට අමතරව පුංචි දැනුවත් කිරීම් කිහිපයක්.


1. කපු යට ඇදුම් අදින්න

🌺 නයිලෝන් , සිලික් රෙදි වලින් මැසු සිහින් පටි ඇති ලස්සන යට ඇදුම් වලට ඔබට ආකර්ෂණය වෙන්න පුළුවන්.

🌺 නමුත් මෙම රෙදි තෙතමනය උරා නොගන්නා අතර ඔබේ යට ඇදුම් නිතර තෙත් සහිත වෙනවා.

🌺 එහිට දුර්ගන්ධයක් ඇතිවිය හැකි අතර ඔබට විවිධ ආසාදන පවා ඇතිවෙන්න පුළුවන්.

🌺 ඒ නිසා සෑම විටම තෙතමනය උරාගන්නා කපු යට ඇදුම් තෝරා ගන්න.


2. තද යට ඇඳීමෙන් වළකින්න.

🌺 තද යට ඇදුම් ඔබට අපහසුතාවය දනවන අතර දහඩිය පිටවීමට ඉඩක් ලැබෙන්නේ නැහැ.

🌺 වාතයට ඇතුල් වෙන්න ඉඩක්ද නැහැ. ඒ නිසා ඔබේ පෞද්ගලික පෙදෙස නිතර උණුසුම් වෙනවා පමණක් නොව තෙතමනයද ඔබේ යට ඇදුම් වල ඉතිරි වෙනවා.

🌺 මෙහිදී දුර්ගන්ධය මෙන්ම අසාත්මිකතා ඇතිවෙන්න පුළුවන්.


3. යට ඇඳුම් දිනපතා පිරිසිදු කරන්න

🌺 ඔබේ යට ඇදුම් අපිරිසිදුව තබා ගන්න එපා. ඒවාගේ විවිධ දීලීර බැක්ටිරියා එකතු වී ඔබටම ආසාදනය වෙන්න පුළුවන්.

🌺 ඒ වගේම ඔබේ පෞද්ගලික අවයව වල කැසීම හා දැවිල්ල ඇතිවෙන්නත් පුළුවන්.

🌺 ඒ නිසා ඔබ ඔබේ යට ඇදුම් දෛනිකව පිරිසිදු කර අව්වේ හොඳින් වේලා නැවත භාවිතයට ගන්න.


4. එකම යට ඇඳුම වැඩි කාලයක් ඇඳන් ඉන්න එපා

🌺 සමහර අය විවිධ හේතුන් නිසා එකම යට ඇදුම දිගු පැය ගණක් ඇදන් ඉන්නවා.

🌺 එය ඔබේ සෞඛ්‍යයට එතරම් සුදුසු දෙයක් නොවේ.

🌺 විශේෂ ඔසප් වෙන දින වල මේ පිරිසිදුකම ඉහලින්ම තබා ගන්න.


5. යට ඇදුම් පිරිසිදු කිරීමට අසාත්මික විය හැකි රසායන ද්‍රව්‍ය අඩංගු සේදුම් දියර යොදන්න එපා

🌺 සේදුම් කාරක දියර වල ඇති සමහර රසායන ද්‍රව්‍ය ඔබේ පෞද්ගලික ප්‍රදේශයේ සංවේදි සමට අසාත්මික වෙන්න පුළුවන්.

🌺 එවිට කැසීම හෝ දැවිල්ල ඇති වෙන්න ඉඩ තියෙනවා.

🌺 ඊට සුදුසු සබන් වර්ගයක් භාවිතා කරන්න. කාන්තා පිරිමි භේදයක් නැහැ. හැමෝම යට ඇඳුම් සේදීමේදී සබන් භාවිතා කරන්න;. පුළුවන් නම් බේබි සබන් ගන්න.    


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW