පැසිෆික් සාගරයට ඉහළින් ගුවන් යානා ගමන් කරන්නේ නැත්තේ ඇයි?

By Wayomi Jul 27, 2022 07:27 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සාමාන්‍යයෙන් ලොවපුරා බොහෝ ගුවන් මාර්ග සෘජු ගුවන් මාර්ගයි. මේවා බොහොමයක් ගමන් කරන්නේ සාගර වලට ඉහළින්. නමුත් ඔබ දන්නවද ඇමරිකාව එක්සත් ජනපදයේ සිට අසියාව වෙත එන ගුවන් යානා හෝ එක්සත් ජනපදයට ආසන්නතම ආසියාතිකයා වන ජපානය වෙත එම මගී ගුවන් යානා ගමන් කරන්නේ වක්‍රාකාර ගුවන් මාර්ගයක බව.

ඒකට හේතුව මෙම ගුවන් මාර්ගය වැටිලා තියෙන්නේ පැසිෆික් සාගරය හරහායි. නමුත් සෘජු ගුවන් මාර්යක් වුණත් කිසිම විටෙක පැසිෆික් සාගරය හරහා යන්නේ නැහැ. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. හැබැයි අපි ඊට කලින් බලමු පැසිෆික් සාගරයේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා.

පැසිෆික් සාගරය

🟣 රහස් රැසක් සඟවා ගෙන සිටින පැසිෆික් සාගරය ලොව විශාලතම සහ ගැඹුරුම සාගරයයි.

🟣 පැසිෆික් සාගරය උතුරු ඇමෙරිකානු මහද්වීපය සහ දකුණු මහද්වීපය වට කරමින් පිහිටා ඇති අතර ආසියාව හා ඕස්ට්‍රේලියාව අමෙරිකානු මහද්වීප වලින් වෙන්කරනු ලබනවා.

🟣 සමකය පැසිෆික් සාගරය හරහා ගමන් කරන අතර උතුරු හා දකුණ කියලා කොටස් දෙකකට එය වෙන්කරනු ලබනවා.

🟣 ලොව ගැඹුරුම ස්ථානය වන මරියානා ආගාධය බටහිර පැසිෆික් සාගරයේ පිහිටා තිබෙනවා.

🟣 ගිනිකඳු 75000 පමණ පිහිට ඇති ring of fire හෙවත් ගිනි වලල්ල පිහිටා තිබෙන්නෙත් මෙම සාගර කලාපයෙයි.

🟣 ඒ වගේම වැඩිම දූපත් ප්‍රමාණයක් පිහිටා ඇත්තෙත් මෙම සාගරයේ වන අතර මහා බාධක කොරල් පරය ද මෙහි පිහිටා ඇත.


පැසිෆික් සාගරය හරහා ගුවන් යානා ගමන් නොකරන්නේ ඇයි ?

✈️ මාර්ග තෝරාගැනීමේදී මෙය ගුවන් සමාගම් විශාල සැලකිල්ලක් දක්වනවා. පැසිෆික් සාගරය පෘථිවියේ විශාලතම හා ගැඹුරුම සාගරය වන නිසා ඒ හරහා ගමන් කිරීම අවදානම් තත්වයක්. ජපානය වෙත යන ඇමෙරිකානු ගුවන් යානයක් වුනත් තම ගමන් මග රඳවා ගන්නේ කැනඩාව හරහා. මොකද පැසිෆික් සාගරය උඩින් ගමන් කරද්දී හදිසියේ හෝ ගුවන් යානය කර්මික දෝෂයකට ලක් වුවහොත් ගොඩ බෑමට හැකියාවක් සහිත භූමියක් නැහැ.

✈️ මෙම සාගරය කලාපයේ නිතරම වගේ සුළි කුණාටු සහ සුනාමි වගේ හදිසි තත්ව ඇති වෙනවා. ඒ නිසා මේ මුහුදු කලාපයේ ආධාර ලැබෙන තෙක් මුහුදට ගොඩබැස්වීමට ද හැකියාවක් නැහැ.

✈️ එමෙන්ම ගුවන් යානා පැසිෆික් සාගරය හරහා ගමන් කරන විට ඇති වන වැසි කුණාටු වැනි තත්වයන් වලදී අදිබ් 60000 ක් පමණ දක්වා වලාකුළු වර්ධනය වීමක් සිදු වෙනවා.

✈️ ගුවන් නියමුවන්ට උපදෙස් දී ඇත්තේ සාමාන්‍යයෙන් ගුවන් යානය අඩි 30000 - 38000 අතර උස ප්‍රමාණයකින් තබා ගන්නා ලෙසයි. අකුණු සහිත වලාකුළු සහ වැස්ස ගුවන් ගමන් වලට දැඩි බාධාවක්. එවැනි අවස්ථාවකදී ගුවන් යානය වලාකුළු වලට ඉහළින් ගමන් කරන්නත් බැහැ. ඊට පහළින් ගමන් කිරීමත් අනතුරුදායකයි.

✈️ තවත් හේතුවක් තමයි Jet Streams ලෙස හඳුන්වන වාතය මඟින් ඇති කරන එයාර් කරන්ට් එක. මේ එයාර් කරන්ට් එක පෘථිවි භ්‍රමණය හේතු කොටගෙන බටහිර සිට නැගෙනහිර දෙසට වාතය හරහා ඇදී යනවා. වාත ස්ථර දෙකක වෙනස නිසා තමයි මෙම වාත ධාරාවන් ඇති වන්නේ.

✈️ සාගරයට ඉහළින් ගමන් කිරීමේදී මෙය තදින්ම ගුවන් යානා වලට බලපානවා. එයට එරෙහිව දිගු වේලාවක් ගමන් කිරීම ගුවන් යානා වලට එතරම් සුදුසු දෙයක් නෙවෙයි.   




ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW