"සුදු වෑන්" වලින්ම මිනිස්සු උස්සනේ ඇයි?

Sri Lanka
By Wayomi May 30, 2022 06:59 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

"සුදු වෑන්" කියලා කිවුව ගමන් sri lankan peoplesලා බය වෙච්ච කාලයකුත් තිබ්බා. ඒ නිසා "සුදු වෑන්" කියන වචනය දැන් අපිට නුහුරු වචනයක් නෙවෙයි. මොන සමාගමේ නිෂ්පාදිත "සුදු වෑන්" එකක් වුණත් ඒකට ලැබෙන්නේ නම් එකම ගෞරවයක්. ඒ "සුදු වෑන් එකෙන් මිනිස්සු උස්සනවා" කියන ගෞරව නාමය.

මිනිසුන් පැහැරගැනීමට සුදු වෑන්ම භාවිතා කරන්නේ ඇයි?

ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ ගොඩක් රටවල් වල මිනිසුන් පැහැරගැනීමට භාවිතා කරන්නේ "සුදු වෑන්". ලෝකයේ ඇති වෑන්වල වැඩිපුරම ඇත්තේ සුදු පැහැයයි. ඒ නිසා සුදු වෑන් එකකින් මනුස්සයෙක් ඉස්සුවොත් ඒ මොන වෑන් එක ද කියලා එකපාරටම හොයාගන්න අමාරුයි. අනික ඔවුන් අංක තහඩු පවා වෙනස් කරනවා. මේ හේතුවෙන් සිදුවීම දැක අදාළ වෑන් එක පසුපස හඹා නොගියොත් මිනිසුන් ඉස්සීම සඳහා යොදා ගත් වාහනය සෙවීමට පොලිසියට පවා සෑහෙන වෙහෙසක් දරන්නට සිදු වෙනවා. සමහර වෙලාවට හොයාගන්න වෙන්නෙත් නැහැ.

ලෝකයේ සුදු වෑන් වැඩි ඇයි?

ව්‍යාපාරික වැඩවලට ගන්නා වෑන්වල තම ව්‍යාපාරය ගැන පහසුවෙන් සඳහන් කරන්නට පුළුවන් විය යුතුයි. බොහෝ විට තම ව්‍යාපාරයේ නම, තමා ලබා දෙන සේවයේ නම එහි සඳහන් කරන්නට පුළුවන් විය යුතු අතර ඊට ගැළපෙන්නේම සුදු වෑන්ය.