තිරිඟු පිටි මිල යලිත් වැඩිවන ලකුණු

Sri Lanka N.K.Jayawardhana economic crisis wheet flour
By Sewvandhi Apr 07, 2022 07:59 AM GMT
Report

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල තවත් රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට තිරිඟු පිටි සමාගම්වල සූදානමක් පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

මීට පෙර ද තිරිඟු පිටි සමාගම් රුපියල් 35කින් පිටි කිලෝවක මිල ඉහළ දැමීමට කටයුතු කළා. මේ වන විට තිරිඟු පිටි කිලෝවක් වෙළදපොළේ රුපියල් 180කට අලෙවි වනවා.

මෙලෙස පිටි මිල ඉහළ ගියහොත් සියලු ම බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ දැමීමට සිදුවන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන කියා සිටියේ.

මේ අතර, මෙරටට ගෙන්වූ ලිහිසි තෙල් අඩංගු බහාලුම් 11ක් ඩොලරයේ අගය ඉහල යාම හේතුවෙන් වරායේ සිර වී ඇති බවයි එම සාකච්ඡාවට එක්වූ ලිහිසි තෙල් ආනයනය කරන ව්‍යාපාරිකයෙකු වන එල්.පී. තිලකරත්න කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now