තිරිඟු පිටි ගැන අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

Food Shortages Sri Lanka Sri Lanka Food Crisis Nalin Fernando
By Sithumi Sep 05, 2022 11:50 AM GMT
Report

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය අතර අද (05) පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා සඳහන් කලේ,මෙරට මහා පරිමාණ තිරිඟු පිටි නිෂ්පාදන සමාගම දෙක අතර පසුගිය සිකුරාදා පැවති සාකච්ඡාවක දී මාසයකට අවශ්‍ය තිරිඟු පිටි නිෂ්පාදන සඳහා අවශ්‍ය තොග ඔවුන් සතුව පවතින බව ප්‍රකාශ කර ඇති බවයි.

මේ අතර, තුර්කියෙන් හා ඩුබායි යන රටවල්වලින් ඇනවුම් කර ඇති තිරිඟු පිටි තොග ද සැප්තැම්බර් මස 15 පමණ වන විට මෙරටට ලැබීමට නියමිත බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.

එබැවින් ඉදිරියේ දී වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි හිඟයක් ඇති නො වන බවත් තිරිඟු පිටි මිල ඉහළ නැංවීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් අමාත්‍යවරයා පවසනවා.

එමෙන් ම මේ මොහොතේ තිරිඟු පිටි සඳහා පාලන මිලක් පැනවීම ප්‍රායෝගික නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කරනවා.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now