තිරිඟු පිටි මිල අහස උසට ඉහළ යයි?...අවුරුද්දත් නැති වෙයි?.
මෙරට තිරිඟු පිටි කිලෝවක මිල තවත් රුපියල් 50කින් පමණ ඉහළ දැමීමට තිරිඟු පිටි සමාගම් වල සූදානමක් පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.
මෙම තිරිඟු පිටි සමාගම් පසුගියදා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 35 කින් ඉහළ දමනු ලැබුවා.
තිරිඟු පිටි කිලෝවක් මේ දිනවල රුපියල් 180 ක් පමණ වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සදහන් කළා.
මේ හේතුවෙන් තවත් රුපියල් 50කින් මිල ඉහළ දැමුවහොත් තිරිඟු පිටි කිලෝවක් රුපියල් 200 ඉක්මවනවා.
මේ අතර බේකරි අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යෑම නිසා කේක් කිලෝවක මිල රුපියල් දහසක් දක්වා ඉහළ දැමීමට සිදුවී ඇතැයිද සභාපතිවරයා කීවේය.
පාන් ඇතුළු බේකරි නිෂ්පාදන සියයට පනහකින් පහත වැටී තිබෙන බවත්, සුළු පරිමාණ බේකරි රැසක් මේ වෙද්දී වැසී ගොස් ඇති බවත් ඔහු පවසයි.
ඇතැම් බේකරි හිමියන් මාළු පාන් ගෙඩියක් රුපියල් 120 කට ද, සැන්විච් එකක් රුපියල් 250 කට ද අලෙවි කරන බවද, මේ නිසා බේකරි කර්මාන්තය පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවත් සභපතිවරයා සඳහන් කරයි.
අසීමිත ලෙස ආහාර ද්‍රව්‍ය මිල ගණන් පාලනයකින් තොරව තවදුරටත් ඉහළ ගියහොත් ජනතාව විසින් වෙළෙඳ ප්‍රජාවද වටලන කාලය වැඩි ඈතක නොවන බවත්, සීනි කිලෝවක මිල රුපියල් 250 ක් දක්වාද, පොල් තෙල් ලීටරයක් රුපියල් 1100 ක් දක්වාද වැඩිකර ඇතැයිද සභාපතිවරයා කියයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |