වහාම ක්‍රියාත්‍මක වන පරිදි තිරිඟු පිටි සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී..
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟුපිටි ආනයනය බලපත්‍ර ක්‍රමය අහෝසි කර තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟුපිටි ආනයනය සඳහා අවශ්‍යව තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.
අද (30) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ,තිරිඟුපිටි ආනයනයේදී පනවා තිබූ බදු මුදලද කිලෝවකට රු.16 සිට රු.27 දක්වාත් , තිරිඟු ඇට සඳහා රු.6 ක බද්දකුත් පැනවීමට කටයුතු කළ බවයි.
මේ හේතුවෙන් තිරිඟුපිටි මිල ඉහල යාමක් සිදු නොවන බවත් ආනයන පාලනයක් ඇති කිරීම පමණක් මෙමගින් අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ.