තව සති 02කින් තිරිගු පිටි සම්බන්ධව රතු එළියක්..

Sri Lanka Businessman
By Aruna Jul 17, 2023 02:34 AM GMT
Report

තිරිගු පිටි ආනයනයට යළි අවසර ලබා නොදුනහොත් තවත් සති දෙකකින් පමණ මෙරට තිරිගු පිටි හිගයක් ඇතිවිය හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය අවධාරණය කරනවා.

මෙරටට ආනයනය කර තිබූ තිරිගු පිටි සති 02 ක කාලයක් සඳහා පමණක් ප්‍රමාණවත් වන බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ.

එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ, තිරිගු පිටි ආනයනය නොකර මෙරට තිරිගු පිටි නිෂ්පාදනය කරන සමාගම් 02 හරහා තිරිගු පිටි බෙදාහැරීම සිදුකළ හොත් යළි තිරිගු පිටි මිල ඉහළ යා හැකි බවයි.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සමග සාකච්ඡා කළද, තිරිගු පිටි ආනයනය කිරීම සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.