තිරිඟු පිටි ආනයනය සම්බන්ධයෙන් අලුත්ම තීරණයක් - ප්‍රමිතිය සම්බන්ධයෙනුත් ගැටලූවක් ..
පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන අඩු කිරීම සහ තිරිඟු පිටි මිල පාලනය කිරීමේ අරමුණින් තිරිඟු පිටි අද සිට දෙසැම්බර් 31 දක්වා විවෘත ගිණුම් හරහා ආනයනය කිරීමට අවසර දෙනු ලැබේ .
වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය දැනුම්දෙනවා.
මේ අතර,වෙළෙදපොලේ අලෙවිය සඳහා ඇති තිරිඟු පිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා එම සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බව වාර්තාවෙයි.
වෙළෙදපොලේ අලෙවියට ඇති ආනයනික තිරිගු පිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු පවතින බවට ජනතාව සහ තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදනවල නිරතවන්නන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කර තිබුණි.
ඒ අනුව තිරිඟු පිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා වැටලීම් ආරම්භකළ අතර අලෙවිය සඳහා පවතින තිරිඟු පිටි සාම්පල ලබාගැනීමද සිදුකර තිබේ.
තිරිඟු පිටිවල ප්‍රමිතිය පිළිබඳව පරික්ෂා කිරීමේ බලතල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ආහාර ආනයන අපනයන පාලක ජනරාල්වරයා සතු නොවන අතර ආහාර පනතට අනුව එම බලතල ලැබි ඇත්තේ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෙතය.