තම නමට ඇති Whatsapp ගිණුම් සහ දුරකථන අංක ගැන දැඩි විමසිල්ලෙන් සිටින්න..ඔබත් මෙවැනි බයානක ඉරණමකට ගොදුරුවිය හැකියි..(Exclusive News)

Sri Lanka Police Sri Lanka WhatsApp
By Aruna Sep 07, 2022 04:23 AM GMT
Report

අපරාධයක් වෙන්න හේතු ගොඩක් බලපාන්න පුළුවන් බව ඔබ අප සියලු දෙනාම දන්න කාරණයක්.

ප්‍රධානම සාධකය නොසැලකිලිමත්කම වෙන්න පුළුවන් .

එම නොසැලකිලිමත්කම නිසා විවිධ අපරාධ වලට ඔබත් හසුවිය හැකියි.

අප රට තුල දිනක් ඇතුලත සිදුවු අපරාධ ප්‍රමාණය, ගණනය කල නොහැකි තරම්ය.

එසේ සිදුවන අපරාධ වලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ලැබුණු තවත් අපරාධයක සුල මුල හෙලි කිරීමටයි අපේ මේ සූදානම.

නිමල් මෙරට පෞද්ගලික ආයතනයක පරිගණක ග්‍රැෆික් ඩිසයින් තනතුරක නිරත අයෙකි.

ඔහු තම ආයතනයට අවංකව සේවය කරන අතර දිනක් හදිසියේම ඔහුගේ ආයතන ප්‍රධානියා තම ආයතනය පවත්වා ගෙන යමින් සිටියදී, හදිසියේම පිට රටක පදිංචියට යාමත් සමග ඔහු(නිමල්) ද මෙම රැකියාවෙන් ඉවත් විය.

පසු කලෙක මොහු(නිමල්) වෙනත් ආයතනයක සේවකයෙකු වශයෙන් සේවයේ නිරත වෙමින් සිටියදි නොසිතූ නිමේශයක තම දෙමාපියන්ගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පැමිණීමත් සමග කලබල වු මොවුන් සිදුවු කිසිදු වරදක් ගැන නොදැන කරකියා ගතනොහැකි තත්ත්වයකට පත්වී සිටිහ.

ඒ වන විටත් නිමල් ගෙදර නොසිටි බැවින් අපරාධ පරීක්ෂණ නිලධාරින් හට ආපසු යාමට සිදුවිය.

පසුව නිමල් රාජකාරියට ගොස් ගෙදර පැමිණි විට දෙමාපියන් මෙම සිදුවීම පැවසීමත් සමග,අවසානයේ නිමල්ට නතර විමට සිදුවුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන  කොට්ඨාසයෙනි.

කිසිදු වරදක් නොකළ ඔහුට සිදුවු කිසිදු දෙයක් සිතා ගැනීමට නොහැකිව හැල හොල්මන් වී බලා සිටියේය.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස නිලධාරින් සියල්ල පැහැදිළි කර දෙන්නට පටන් ගත්තේය .

නිමල්ගේ නමට ගත්, භාවිතා නොකරන සිම් පතක් ඇතිදැයි විමර්ශන නිලධාරින් ඔහුගෙන් ප්‍රශ්න කරන්නට විය.

එකවරම විමතියට පත්වූ නිමල් පවසා සිටියේ, තමා හට එසේ සිම් පතක් නොමැති බවයි.

නමුත් පසුව ඔහුට මෙම කරුණු එකින් එක වැටහි ගියේ තමන් පෙර සේවය කළ ආයතනයේදී සිදුවූ සිදුවිම් මතකයට නැගෙමින්ය.

ඔහු දැන් රැකියා කරන ආයතනයට පෙර, සේවය කළ ප්‍රධාන ආයතනයක සිටිය සමයේදි, එනම් 2021 ජූලි මාසයේ එක් දිනයක ආයතන ප්‍රධානියාගේ ඉල්ලීම මත තමන් විසින් තම නමට අලුත් සිම් පතක් මිලදි ගන්නා ලදි.

පසුව තම ප්‍රධානියා හදිසියේම වෙනත් රටකට ගියේ නිමල්ට සිදු වෙන්න යන ඛේජනක කථාවේ ආරම්භයකට මුල මුලපුරමින් ය.

නමුත් නිමල් තමන්ට වෙන්න යන බයානක ඉරණම ගැන, මේ කිසිවක් දැන සිටියේ නැත.

හදිසියේම පිටරටකට(ඩුබායි රටට) ගිය තම ආයතන ප්‍රධානියා නිමල් හට දුරකතන ඇමතුමක් ලබාදී ඔහු විසින් ආයතන ප්‍රධානියාගේ ඉල්ලීම මත 2021 ජූලි මාසයේ ලබාගත් නව සිම් පතට අයත් whatsapp ගිණුමේ රහස් කේතය(OTP) ඉල්ලා සිටින ලදි.

මේ කිසිවක් නොදන්නා නිමල් තමන් වැඩකළ ආයතනයට සහ ප්‍රධානියාට තැබූ අවංක විශ්වාසය මත දෙවරක් නොසිතා තමන් විසින් ලබාගත් නව සිම් පතට අයත් whatsapp ගිණුමේ රහස් කේතය(OTP) ලබා දෙන ලදි.

ආයතන ප්‍රධානියාගේ ඉල්ලීම මත ලබාගත් මෙම නව සිම්පත නිමල් විසින් යලි කිසි දිනක භාවිතා නොකළේ, එය තමන්ගේ අවශ්‍යතාවය මත ලබාගත් සිම්පතක් නොවන නිසාවෙනි.

විමර්ශන නිලධාරීන් තමන්ගෙන් ප්‍රශ්න කරද්දී, තමන් කිසිදිනක වරදක් නොකළ බව දන්නා නිමල්ට එක වරම සිහිවුයේ තමන් පෙර රැකියාවේ නිරත වෙද්දී සිදුවූ මෙම සිදුවීමය.

වහා ඒ සියල්ල අපරාධ පරික්ෂණ නිලධාරින් හට නිමල් විසින් පවසා සිටියේ තමන් නොදැන තමන්ට සිදුවූ මෙම අසාධාරණයේ සුල මුල සියල්ල හෙළිකරමින්ය.

නිමල් නිර්දෝශි බව වටහා ගත් නිලධාරින් සියලු කරුණු කාරණා නිමල් හට එක පෙලට පැවසුවේය.

සිදුව ඇත්තේ මෙරටින් වෙනත් රටකට එනම්, ඩුබායි රාජ්‍යයට ගිය නිමල්ගේ ප්‍රධානියා මෙරට සුප්‍රසිද්ධ ප්‍රධාන පෙලේ ආයතනයක් වන සුවද විලවුම් හා සම්බන්ධ ප්‍රධානතම ආයතනයක්( Perfume) නමින්, ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

එම ව්‍යාජ වෙබ් අඩවිය, මෙරට සුප්‍රසිද්ධ සුවදවිලවුම් ව්‍යාපාරයට සම්බන්ධ වෙබ් අඩවියට සියයට සීයක් සමානව නිර්මාණය කර තිබීමද විශේෂත්වයකි.

මෙම වංචනිකයා විසින් නිමල්ගේ නමින් සාදාගත්, දුරකථන අංකය දමා ඇති බවත් එවිට ප්‍රධාන ආයතයේ නම භාවිතා කර කෝටි ගණනක වංචාවක් සිදුකර ඇති බවත් නිමල්ට වැටහි ගියේය.

ඔහු තමන් මෙම ආයතනයේ ප්‍රධානියා බව පවසා මෙරට ප්‍රධාන පෙලේ ආයතනයකට ආයෝජනය කරන මුවාවෙන් ආයෝජකයන් රවටා මුදල් කොල්ල කා ඇති බවත් එය මෙරට ප්‍රධාන ආයතනයේ ප්‍රධානින්ගේ ඇස ගැටී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ල, පැමිණි බව නිමල් එකින් එක සීරුවට දැන ගත්තේය.

පසුව නිමල් හට සියල්ල වැටහී ගියද ඒ වන විටත් බොහෝ දේ සිදුවි හමාරය.

පසුව අපරාධ විමර්ශණ නිලධාරින් මෙරට ප්‍රධාන ආයතනයේ ප්‍රධානින් සහ නිමල්ද එක්ව නිමල්ගේ නමට තිබු සිම්පත් හා එම දුරකතන අංකයට ඇති සියළු ගිණුම් වසා දමන ලදී.

පසුව වෙබ් අඩවියද අඩාල කලේය.

සිදුවු දෙයක් සිතාගත නොහැකිව සිටි නිමල් සියලු ගැටලු නිරාකරනය කර ගැනීමෙන් පසුව නිමල් අතේ කිසිදු වරදක් නැති බව වටහා ගත් නිලධාරින් සහ එම ආයතනය නිමල් නමින් නඩු මගට නොබැස්සේය.

නිමල්ගේ පෙර පිනකට හා ඔහු වරදක් නොකල බැවින් ඔහු මෙම වරදින් ගැලවි ගියේය.

දැනටමත් මෙම සාහසික අපරාදය සිදුකර මෙරටින් පැනගොස් ඩුබායි රටේ සිටින මෙම අපරාධකරුවාගේ ආයතනය පෙර නමින්ම මෙරට බොරැල්ල නගරයේ ක්‍රියාත්මක වෙමින් පවතී.

මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් දැනටමත් විමර්ශන සිදු කරමින් පවතින්නේ අදාල වංචාකරුවන් කොටුකර ගැනීමටයි.

මෙය ශ්‍රි ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය හට ලැබී ඇති සත්‍ය පැමිණිල්ලක් බැවින් මෙය අප ඔබ හට සිදුකල අනාවරණයක් වන අතර මෙහි ඇති නිමල් නමින් හදුන්වන නම මනංකල්පිත වේ.

මේ අනුව තමා සතුව ඇති Whatsapp ගිණුම්, වෙනත් දුරකථන අංක ගැන සැලකිලිමත් විය යුතු අතර, තම සමීපතමයෙකුට හැර අන් කිසිවෙකුට තම නමට ඇති කිසිදු දෙයක් නොදීමට වග බලා ගන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now