වට්ස්ඇප් හරහා නිරුවත් කළ කාන්තාව..සියලු කතුන්ගේ දැනගැනීම පිණිසයි..

Police Sri Lanka Social media Mahanuwara Whatsapp Gossips Mathale
By Aruna Mar 10, 2022 11:49 PM GMT
Report

තම සැමියාගේ සහෝදරියගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් සමාජ මාධ්‍ය හරහා වෙනත් පුද්ගලයින්ට යෑවූ බව කියන 32 හැවිරිදි කාන්තාවක් මහනුවර පරිගණක අපාරාධ කොට්ඨාසය මගින් අද (10) මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තම නිරුවත් ඡායාරූප කිසිවෙකු විසින් වට්ස්ඇප් මගින් ප්‍රසිද්ධ කර තිබෙන බවට සිද්ධියට මුහුණදුන් කාන්තාව විසින් මහනුවර පරිගණක අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකින් පසු සිදුකෙරුණු විමර්ශනවලදී අදාළ කාන්තාව පිළිබඳව අනාවරණය වී තිබේ.

සැකකාර කාන්තාව සහ නෑනා කලක් මිත්‍රත්වයෙන් සිට මේ වනවිට අමනාපයෙන් පසුවන බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකාර කාන්තාව හා පැමිණිලිකාරිය යන දෙදෙනාම මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now