2023 වසරේ මෝටර් රථ මිලට සිදු වන දේ.

By Wayomi Jan 04, 2023 12:20 PM GMT
Report

කොරෝනා වසංගතය හේතුවෙන් නිෂ්පාදනය අඩුවූ මෝටර් රථ ක්ෂේත්‍රය 2023 වසරේදීත් එලෙසම පැවතිය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කරන්නේ, මෝටර් රථ නිෂ්පාදන සමාගම්වල තොරතුරු උපුටා දක්වමින්.

විශේෂයෙන් නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් මෝටර් රථ සඳහා හොඳ මිලක් ලබාගැනීමට බොහෝ සමාගම්වලට හැකි වී ඇති අතර මෙම වසර තුළදීද එම පවත්වා ගැනීම ඔවුන්ගේ අරමුණ බවයි එම සමාගම් පවසන්නේ.

මේ අතර අදාළ විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ පසුගිය වසර අවසානය වනවිට භාවිත කරන ලද මෝටර් රථ මිලද සීඝ්‍රයෙන් පහළගොස් ඇති බවයි.

එය ප්‍රතිශතයක් ලෙස වසර අවසානයේ 14%ක් ලෙස සටහන් වූ බවද සඳහන්.

මෙම තත්වයට හේතු වී ඇත්තේ, මෝටර් රථ ලීසිං පහසුකම් මත ලබාගැනීමේදී ගෙවිය යුතු පොලී ප්‍රමාණයද ඉහළ ගොස් තිබීම සහ ඇතැම් සමාගම් විසින් නිෂ්පාදන ප්‍රමාණය පහළ දැමීමයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW