ඇදුම රෝග වර්ග අනුව ඔබට තියෙන වර්ගය හරියටම හඳුනාගන්න.
ඇදුම රෝගය ලොකු කුඩා කවුරුත් මුහුණ දෙන පොදු ගැටළුවක්. බොහෝ විට මෙම රෝගය නිදන්ගත රෝගී තත්වයක් වම අතර. තවත් සමහරුන්ට කාලයත් සමඟ එය සුව වී යනවා. ඒ වගේම ටික කාලයක් නැතුව තිබිලා ආයේ හැදෙන අයත් ඉන්නවා. ඇදුම රෝගය හැදෙන්න බලපාන ප්‍රධාන සාධක දෙක තමයි දුහුවිලි සහ සීතල.
රෝග ලක්ෂණ
🤧 මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ හතිය ඇති වීමයි.
🤧 සිනාසීමේදී, හා ව්‍යායාම කිරීමේදී කැස්ස ඇති වීම( විශේෂයෙන් රාත්‍රි කාලයෙදී)
🤧 හුස්ම ගැනීමේ අපහසුතාවය
🤧 පපුව හිර කිරීම
🤧 මහන්සිය
🤧 කැස්ස
🤧 සෙම යාම
🤧 අධික පිපාසය
🤧 උගුර කැසීම
🤧 කතා කරන විට අපහසු බව
🤧 නින්ද නොයෑම
🤧 ඇස් ඉදිමීම
🤧 නළලට දහදිය දැමීම
🤧 තොල කට වියළීම
ඔබට තිබෙන රෝග ලක්ෂණ අනුව ඇදුම රෝග වර්ග
🔹 ශ්වාසනාල ආශ්රිත ඇදුම රෝගය (වඩාත් බහුල ආකාරය)
🔹 ළමා කාලයේ ඇතිවන ඇදුම රෝගය
🔹 වැඩිහිටි අවධියේ ඇතිවන ඇදුම රෝගය
🔹 ආසාත්මික ඇදුම රෝගය
ආසාත්මික ඇදුම රෝගය
🤧 ආසාත්මික ඇදුම රෝගය ඇති කිරීම උත්තේජනය කරන්නේ ආසාත්මික කාරක වන බල්ලන්, පූසන් වැනි සුරතල් සතුන්ගේ ලෝම, සමහර ආහාර,පරාග හා දූවිලි ආදියයි.
ආසාත්මික නොවන ඇදුම රෝගය
🤧 ආසාත්මික නොවන ඇදුම රෝගය ඇති කිරීම උත්තේජනය කරනුයේ ආසාත්මික කාරක නොවන වාතයේ ඇති උද්දීපක වන අලු, සිගරට් දුම, සිසිල් වාතය , වායු දූෂක, සුවඳ විලවුන් සහ සුවඳ කාරකයි.
රැකියා ආශ්රිත ඇදුම රෝගය
🤧 රැකියා ආශ්රිත ඇදුම රෝගය ඇති කිරීම උත්තේජනය කරනුයේ වැඩ බිම් ආශ්රිත ව තිබෙන දූවිලි, ඩයි වර්ග, වායූන් සහ දුමාර සහ සඳහා රසායන ද්‍රවය ආදියයි.
ව්‍යායාම කිරීම නිසා හටගන්නා ඇදුම රෝගය
🤧 ව්‍යායාම කිරීම නිසා හටගන්නා ඇදුම රෝගය හට ගන්නේ ව්‍යායාම කිරීමට පටන් ගෙන මිනිත්තු කීපයක් ගත වන විට හෝ ව්‍යායාම කිරීම අවසන් කර මිනිත්තු 10-15 ක් ගත වන විටයි.
ඇස්ප්‍රීන් භාවිතය නිසා හට ගන්නා ඇදුම රෝගය
🤧 ඇස්ප්‍රීන් නිසා හට ගන්නා ඇදුම රෝගය හට ගැනීම උත්තේජනය කරනුයේ ඇස්ප්‍රීන් හෝ වෙනත් ඖෂධ භාවිතා කිරීම නිසායි.
රාත්‍රි ගත ඇදුම රෝගය
🤧 රාත්‍රි ගත ඇදුම රෝගය උත්තේජනය කරනුයේ සුරතල් සතුන්ගේ ලෝම, දූවිලි එමෙන්ම ස්වාභාවික නින්ද ආදිය. මෙහි දී රාත්‍රි කාලයෙදී රෝගලක්ෂණ උත්සන්න විය හැකියි.
විචලනය වන කැස්සක් සහිත ඇදුම රෝගය
🤧 විචලනය වන කැස්සක් සහිත ඇදුම රෝගයේදී සාමාන්‍ය ඇදුම රෝග ලක්ෂණ වන හතිය, හුස්ම ගැනීමේ අපහසුතාවය ආදිය නොමැත. මෙහිදී නොනැවතී පවත්නා වියලි කැස්සක් පවතී.
🔶 මේ සඳහා නිශ්චිත හේතුවක් හඳුනාගෙන නොමැත.මේ සඳහා විවිධ සාධක බලපායි.ජානමය හේතු-ඔබගේ මව හෝ පියා හෝ සහෝදර සහෝදරියන් හෝ ඇදුම රෝගයෙන් පෙලෙයි නම් ඔබටද මෙය සෑදීමේ හැකියවක් ඇත.මීට පෙර වෛරස් ආසාදන ඇති වී තිබේ නම් ඔබට මෙය සෑදීමේ හැකියාවක් ඇත. සනීපාරක්ෂාව පිළිබඳ කල්පිතය-ළදරුවන් කුඩා කල පරිසරයට නිරාවරණය නොවීම, හුරු නොවීම නිසා ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇදුම රෝගයට ඔරොත්තු නොදීම සිදු වෙන්න පුළුවන්.
ප්‍රතිකාර
🟣 ඖෂධ භාවිතය, ඉන්හේලර භාවිතය සහ භෞත චිකිත්සක ආදියයි.
🟣 එම භෞත චිකිත්සක ප්‍රතිකාර වන්නේ හුස්ම ගැනීමේ ආශ්රිත ව්‍යායාම, ස්වායු ව්‍යායාම සහ ශරීරය සැහැල්ලු කිරිමේ ක්‍රියාකාරකම්.
🟣 රෝගය වැළදීගෙන එන විට උණුසුම් වතුර බොන්න.
🟣 උදේ හවස හුමාලය අල්ලන්න.
🟣 හෝමියෝපති ප්‍රතිකාර
🟣 සිංහල වෙදකම.
ඇදුම රෝගය පාලනය කරන්නේ කොහොමද?
🟣 ඔබගේ ඉන්හේලරය පහසුවෙන් ගත හැකි පරිදි තබන්න.
🟣 ඔබට ආසාත්මික කාරක මොනවාදැයි දැන නිතරම ඒවායින් වැලකී සිටින්න.
🟣 මානසික ආතතියෙන් මිදෙන්න.
🟣 දුම් පානයෙන් සහ ඇල්කොහොල් පානයෙන් වැලකී සිටින්න.
🟣 දූවිලි වැදීමෙන් වැළකීම
🟣 ගෙවල් දොරවල් අතුපතු ගෑම කරනවා නම් නාසය හා මුඛය ආවරණය කර ගෙන සිදුකිරීම.
🟣 ශීතල දෑ පරිහරණයෙන් වැළකීම, වායුසමනය කරන ලද කාමරවල සිටීම හා එවැනි රථවාහනවල ගමන් කිරීමෙන් වැළකීම.
🟣 ශීතල සුළං වැදීමෙන් වැළකීම.
🟣 නුසුදුසු ආහාර වනුයේ, අධික ශීතල ආහාර ගැනීම (බණ්ඩක්කා, නිවිති, මෑකරල්), බර ආහාර ගැනීම (මීකිරි, උඳු), රළු ආහාර ගැනීම (කුරහන්, කඩල වැනි ධාන්‍ය). ශීත කරන ලද බීම වර්ග සහ ශීත කරන ලද ජලය
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |