2024 ජනවාරි පළමුවෙනිදා සිට නිවෙස්වල සවිකරන සූර්ය පැනල වලට සිදු වන දේ.

Government Of Sri Lanka
By Wayomi Dec 19, 2023 07:50 AM GMT
Report

නිවෙස්වල සවිකරන සූර්ය පැනල කට්ටලයක මිල 2024 ජනවාරි මස පළමුවනදා සිට අවම වශයෙන් රුපියල් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යන බවයි වාර්තා වන්නේ.

ඒ, 18%ක වැට් බද්ද සූර්ය පැනල කට්ටලයක් සඳහා ද පැනවීම හේතුවෙන් බවයි රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් සහ එහි බලශක්ති කවුන්සිලයේ සභාපති ආචාර්ය ලක්මල් ප්‍රනාන්දු කියා සිටියේ.

2024 ජනවාරි පළමුවෙනිදා සිට නිවෙස්වල සවිකරන සූර්ය පැනල වලට සිදු වන දේ. | What Happens To Solar Panels Installed In Homes 

ඔහු මෙම කරුණු අවධාරණය කර සිටියේ, රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

මේ අතර ඔස්ට්‍රේලියානු සමාගමකට මන්නාරම - පූනකරි වැව මතුපිට මෙගාවොට් 700ක සූර්ය බල ශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ද ගැටළු පවතින බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.