සමාජ මාධ්‍ය කළඹමින් තරුණයින්ට කොකා පෙන්නන්න ගිය පොලිස් නිලධාරියාට සිදු වූ දේ..(VIDEO)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Jul 27, 2024 02:48 AM GMT
Report

සමාජ මාධ්‍ය ඔස්සේ ඉමහත් ප්‍රසිද්ධියට ලක්වූ පොලිස් නිලධාරීන් පිරිසක් වාහනයක් පරීක්‍ෂා කරන මොහොතේ වාහනය තුළට පොලිස් කොස්තාපල්වරයකු විසින් කංසා දමා තරුණ පිරිසක් අමාරුවේ දැමීමට උත්සාහ කළැයි කියනු ලබන සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකුගේ සේවය තහනම් කර ඇතැයි වාර්තා වනවා.

අදාළ කංසා තොගය පොලිසියට භාර නොදීමේ චෝදනාව අනුව මෙම කොස්තාපල්වරයාගේ සේවය තහනම් කළ බවයි, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියක් ප්‍රකාශ කළේ.

මොහු රාජකාරිය පැහැර හැර ඇති බවත් වාහනයේ කංසා තිබුණු බවට පොලිස් නිලධාරීන් වාහනයේ ගමන් කළ තරුණයන්ට චෝදනා එල්ල කළේ නම් එම කංසා පොලිසියට ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබුණු බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා අවධාරණය කළා.

සමාජ මාධ්‍යයේ දකින්නට ලැබුණු ආකාරයට වාහනයේ ගමන් කළ තරුණයන් මෙම කංසා පොලිස් නිලධාරියා දැමූ බව පුන පුනා ප්‍රකාශ කරන ආකාරය දකින්නට ලැබිණි.

මෙහි සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් වෑන් රියේ තිබූ බව කියනු ලබන කංසා පොලිසියට ඉදිරිපත් කිරීමට පොලිස් නිලධාරීන්ට අසීරු වූ බවද අදාල වීඩියෝ දක්නට ලැබේ. 

සමාජ මාධ්‍ය පුරා පැතිර ගිය මෙම සිදුවීමට අදාල වීඩියෝව පහතින් නරඹන්න?



Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%