පාසල් සිසුන් පිරිසකට පාසලෙන් කරපු දේකින් දෙමාපියන් අසරණ වෙයි..මෙහෙම දෙයක් කවදාවත් කරල නැතිලු..

Ministry of Education Education
By Aruna Feb 22, 2024 06:49 AM GMT
Report

දොඩම්ගස්ලන්ද අධ්‍යාපන කොට්ඨාසයට අයත් ග්‍රාමීය පාසලක පළමුවැනි ශ්‍රේණියට ඇතුළත් කරගත් සියළුම සිසුන්ට ෆොටෝ කොපි කොළ බණ්ඩලය බැගින් රැගෙන ඒමට නියම කිරීමේ සිද්ධියක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. ⁣

මෙම පාසලේ පළමුවැනි ශ්‍රේණියට 2024 සඳහා සිසු සිසුවියන් 28 දෙනෙකු ඇතුළත් කරගෙන සිටින අතර ඔවුන්ගෙන් බහුතරයක්ම අඩු ආදායම්ලාභී පවුල් වල දරුවන් බවයි වාර්තා වන්නේ.

එවැනි තත්ත්වයක් තුළ දෙමාපියන්ට තම දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ ඇඳුම් පැළැඳුම් සඳහාද විශාල මුදලක් වැය කිරීමට සිදුව තිබෙන අවස්ථාවක මෙවැන්නක් ගෙන ඒමට නියම කිරීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවයි පැවසෙන්නේ.

වර්තමානයේ ෆොටෝ කොපි බණ්ඩලයක වෙළදපොළ විටිනාකම රුපියල් 1800 ක පමණ ඉහළ මිලක පවතින අතර මෙවැනි ගම්බද පාසලකට මෙතරම් ෆොටෝ කොපි කොළ සංඛ්‍යාවක් අවශ්‍ය කුමක්ටදැයි දෙමාපියන් ප්‍රශ්න කර සිටියි.

එක් බණ්ඩලයක කොළ 500 ක් තිබෙන අතර බණ්ඩල 28 ක අඩංගු කොළ සංඛ්‍යාව 14000 කි. වෙළඳපොලෙහි ඇති ප්‍රසිද්ධ වෙළඳ නාමයක් සහිත ෆොටෝ කොපි කොළ බණ්ඩල පමණක් රැගෙන එන ලෙසද නියම කර තිබීම දෙමාපියන්ට ගැටලුවක් වී තිබේ.

මේ පිළිබඳව කළ දැනුම් දීමකදී වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම් ඉන්දික ඉලන්කෝන් මහතා පැවසුවේ, මේ පිළිබඳව සොයා බලන ලෙස වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ට සහ වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියට දැනුම් දුන් බවයි.