මහවැලි නදියෙන් මතු වූ අමුතු කළගෙඩි දෙක හොර රහසේම අරන් කළ දේ.
වැලි කැණීම් කරන පෞද්ගලික සමාගමක පිරිසකට මීට සතියකට පෙර මනම්පිටිය මහවැලි ගගේ මැද තිබි පෞරානික වටිනාකමක් පුරාවස්තු මැටි කළ දෙකක් හමු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සමස්ත ලංකා අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති කුමාරසිරි විජේකෝන් මහතා පවසනවා.
ඔවුන් දින ගණනක් ඔවුන් සතුව තබාගෙන පසුව පොලොන්නරුව වනජීවි කාර්යාලීය නිලධාරීන්ට භාරදීම සැකයකට හේතුවී ඇතැයි ද ඔහු කියයි.
මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩදමන එම සමාගමක් ගඟේ මැද වැලි කට්ටක් ඉවත් කිරීමට අවසර ඉල්ලා සිටියද, ඊට වනජීවී දෙපාර්තමේන්තුව නිර්දේශ ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙන පසුබිමක අනීතික වැලි කැණීම් කරන විට හමු වූ මෙම පුරාවස්තු මැටි කලදෙක ලබාගැනීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, පොලිසියත්, වනජීවී දෙපාර්තමේන්තුවත් දැනුවත් කළ යුතු වුවද එම කළදෙක වැලි කැණීම් කරන පුද්ගලයන් සහ පෞද්ගලික සමාගම හොර රහසේම ලබාගෙන හත්වෙනිදා, පොලොන්නරුව වනජීවී කාර්යාලයට භාරදීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග පවා ගැනීමට හැකි බවද කුමාරසිරි විජේකෝන් මහතා සඳහන් කළේය.
මෙම මැටි කල දෙකේ කිසියම් පුරාවස්තු වටිනාකමකින් යුත් ආභරණ හෝ මැණික් ගල් තිබුණා දැයි යන්න සැක මතුව ඇති බවත්, ඒ පිළිබඳ උසස් නිලධාරීන් දැනගැනීමෙන් පසු නීතිය ක්‍රියාත්මක කරනු ඇති යැයි සිතා එම කල දෙක පෞද්ගලික සමාගම සතුව තබාගෙන පසුව පොලොන්නරුව වනජීවි කාර්‍යාලයට බාරදීමට කටයුතු කළා දැයි යන්න සැක පවතින බවද සමස්ත ලංකා අඩවි සහකාර වෘතිකයන්ගේ සංගමයේ සභාපති කුමාරසිරි විජේකෝන් මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් කීය.
අප මේ පිළිබඳව පොලොන්නරුව අඩවි සහකාර ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මනම්පිටිය මහවැලි ගඟේ මැද වැලි කට්ට කැපීමට කමිටුවේ අනුමැතිය ලබාදී ඇති බවත්, හමු වු මැටි කලදෙක පුරාවිද්‍යා වටිනාකමක් නොමැති කලගෙඩි දෙකක් බවත්, එය වතුර බොන කලගෙඩි දෙකක් හෝ මිනී අළු දාපු කලගෙඩි දෙකක් බවත්, එම සැකය දුරු කරගැනීම සඳහා පොළොන්නරුව පුරාවිද්‍යා කාර්‍යාලයේ නිලධාරීන් දැනුවත් කර වාර්තාවක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරන බවයි.
- ලංකාදීප -