ඔබේ සිතේ පවතින දුක පාළුව 65% අවම කර ගැනීමට කැමතිද? (VIDEO)

Latest Headlines
By Piyumika May 13, 2024 06:10 PM GMT
Piyumika

Piyumika

in රචනා
Report

ඔයාගේ හිතේ තියෙන දුක පාළුව 65% අවම කිරීමට හැකියාවක් තියෙන ගීතයක් තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද?.

ඔබේ සිතේ පවතින දුක පාළුව 65% අවම කර ගැනීමට කැමතිද? (VIDEO) | Weightless

ඒ තමයි Weightless.

මෙම ගීතය නිර්මාණය කරන්නේ Marconi Union කියන සංගීත කණ්ඩායම විසින්.

පර්යේෂකයන් සහ Marconi Union සංගීත කණ්ඩායම අතර සහයෝගීතාවයකින් Weightless ගීතය නිර්මාණය කරන ලද අතර එය ලොව වඩාත්ම විවේකී සන්සුන් ගායනය ලෙස හඳුන්වා ඇත.

ඔබේ සිතේ පවතින දුක පාළුව 65% අවම කර ගැනීමට කැමතිද? (VIDEO) | Weightless

මෙම ගීතය සම්බන්ධයෙන් Mindlab International , ස්නායු විද්‍යාව හා පාරිභෝගික හැසිරීම් පිළිබඳ විශේෂඥයන් විසින් හතළිස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදා ගෙන පර්යේෂණය සිදු කරන ලදී.

එහිදී ඔවුන්ට අභියෝගාත්මක ප්‍රහේලිකා විසඳීමට ලබා දුන් අතර එම අවස්ථාවේදී විවිධ ගීත දහයකට සවන් දීමට ඉඩ සලසා ඔවුන්ගේ කායික විද්‍යාත්මක ප්‍රතිචාරයන් නිරීක්ෂණය කළහ.

මෙහිදී වාදනය කෙරු අනෙකුත් සියලු ගීත අභිබවා ගොස් Weightless ගීතය විසින් ආතතිය සහ කාන්සා මට්ටම ආකර්ෂණීය ලෙස 65% අඩු කළේ ය.

තවද එම සංසුන් කිරීමේ බලපෑම කායික සලකුණු වලටද ව්‍යාප්ත විය.එහිදී සවන් දෙන්නන්ගේ මන්දගාමී හෘදස්පන්දන වේගයක් දැක්වූ අතර අඩු රුධිර පීඩනය හා හුස්ම ගැනීමේ වේගයද අඩුවීම පෙන්වීය.

ඔබේ සිතේ පවතින දුක පාළුව 65% අවම කර ගැනීමට කැමතිද? (VIDEO) | Weightless

මෙම Weightless ගීතය වැඩිහිටියකුගේ සාමාන්‍ය විවේක හෘද ස්පන්දන වේගය පිළිබිඹු කරමින් විනාඩියකට බීට් 60ක වේගයකින් (BPM) ආරම්භ වේ.

එහි කාල සීමාව පුරා වේගය ක්‍රමයෙන් 50BPM දක්වා ගමන් කරන අතර අසන්නාගේ හෘද ස්පන්දනය මන්දගාමීව හා වඩා මෘදු තත්ත්වයකට ගෙන ඒමට මග පාදයි.

ආතතියෙන් මිදීමට අප බොහෝ දෙනා අන්තර්ජාලය භාවිතා කර Rilaxing music වලට සවන් දීමට පුරුදු වී සිටි. බොහෝ අවස්ථාවන්හි අන්තර්ජාලයේ ඇති එම සංගීත කාණ්ඩ ගලා යන ජලාශයක හෝ කුරුල්ලන් කෑ ගසන පරිසරයක මුහුණුවරක් ගනී.

මෙම ගීතයද මන්දගාමී ටෙම්පෝ,පියානෝ, ගිටාර් සහ චයිට්ස් ගායනය සමග තනු නිර්මාණය කර ඇති අතරම ගලා යන ජලය හා කුරුලු නාද වලින් සමන්විතව සංයුක්ත සාමකාමී හැඟීමක් ඇති කිරීමට ඉඩ සලසයි.

ඔබේ සිතේ පවතින දුක පාළුව 65% අවම කර ගැනීමට කැමතිද? (VIDEO) | Weightless

මෙම ගීතයට සවන් දීමෙන් ඔබට තෘප්තිමත් නින්දක් ලබාගත හැකි බව පර්යේෂණ මගින් තහවුරු කර ඇත.

එසේම ඇතැම් රෝහල් වල සැත්කමට පෙර මෙම ගීතය එම රෝගියාට ඔවුන්ගේ මනස සන්සුන් කිරීමට ශ්‍රවණය කිරීමට ලබා දෙන බව ඔබ දන්නවාද?.

කොහොම වුනත් අප කනස්සල්ලෙන් සිටින විට සංගීතය අපට ඖෂධයක් වන්නේය.

මෙම Weightless ගීතය රිය පැදවීමේදී හෝ නිදිමත අනතුරුදායක විය හැකි ඕනෑම අවස්ථාවක සවන් දීම නොකල යුතු සේම එසේ සිදු කිරීම අනතුරුදායක බවද පවසා සිටියි.

වීඩියෝ දර්ශන පහතින්,


.