මංගල ඇදුමින් සැරසී පොලිසියට ගිය පෙම්වතිය, පොලීසිය ඇතුලේම මගුල් කයි..
මංගල ඇදුමින් සැරසුණු යුවතියක් අද (14) හදිසියේ මිනුවන්ගොඩ පොලිසියට පැමිණියා. ඒ අද තමන් සමඟ විවාහ වීමට සිටි තරුණයා නිවසේ සිරකරගෙන සිටින බව පවසමින්.
24 හැවිරිදි වියේ පසු වූ මෙම පෙම්වතුන් යුවල අද විවාහ වීමට තීරණය කර ඇත්තේ දෙපාර්ශ්වයේ ම විරෝධතා මතයි. පසුව ජීවත් වීමට කුලී නිවසක් ද සොයාගත් ඔවුන් අද විවාහය ලියාපදිංචි කිරීමට කටයුතු සූදානම්කර තිබුණා.
මනාලියක ලෙස සැරසුණු තරුණිය, පෙම්වතා එනතුරු බලාසිටියත් ඔහු පැමිණ නොතිබූ අතර පසුව ඇයට ආරංචි වී තිබුණේ තම පෙම්වතාගේ ඥාතීන් විසින් ඔහු නිවසේ සිරකරගෙන සිටින බවයි.
ඒ අනුව තරුණිය පොලිසියට ගොස් තිබූ අතර තරුණයාද පොලිසියට කැඳවා තිබුණා. ඔහුගේ ඥාතීන් එල්ල කළ චෝදනා තරුණයා විසින්ම ප්‍රතික්ෂේප කර තිබූ අතර පොලිසිය ඥාතීන්ට අවධාරණය කර ඇත්තේ දෙදෙනාගේ නිසි වයස් සම්පූර්ණ වී ඇති බැවින් ඔවුන්ගේ තීරණයට මුල්තැන ලබා දිය යුතු බවයි.
ඒ අනුව ඥාතීන් විසිරගොස් ඇති අතර පෙම්වතුන් යුවල පොලිස් පොතේ අත්සන් තබා නව ජීවිතය සඳහා පිටව ගියා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |