ජනතාව විවාහ වීමත් ප්‍රතික්ෂේප කරයි..? පසුගිය වසරවලට සාපේක්ෂව සිදු වූ වෙනස
Sri Lanka
Sri Lanka Food Crisis
Sri Lanka Fuel Crisis
World Economic Crisis
By Sewvandhi
පසුගිය වසරවලට සාපේක්ෂව වසරේ මෙම කාලයේ විවාහ ලියාපදිංචිය සියයට 85 කින් පමණ අඩු වී තිබෙනවා. දීප ව්‍යාප්ත විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ සංගමයේ සම ලේකම් සුසන්තා හේමශ්‍රී රණසිංහ සඳහන් කළේ පවතින ඉන්ධන අර්බුදය සහ ආර්ථික ගැටලු මෙලෙස විවාහ අඩුවීමට හේතුවී ඇති බවයි.
මෙම මාසය විවාහ නැකැත් බහුලව යෙදෙන මාසයක් වන අතර, වෙනත් වර්ෂවල මෙම මාසයේදී විවාහ සඳහා උත්සව ශාලා වෙන් කර ගැනීම පවා අර්බුදකාරි තත්ත්වයක පැවතුණත් මේ වනවිට විවාහ උත්සව පැවැත්වීම ඉතා ඉහළ ප්‍රතිශතයකින් අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.
දීප ව්‍යාප්ත විවාහ, උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරුන්ගේ සංගමයේ සම ලේකම් සුසන්තා හේමශ්‍රී රණසිංහ පෙන්වා දෙන්නේ මෙම මාසය සඳහා දිවයින පුරා විවාහ ලියාපදිංචිය සඳහා දින වෙන් කර ගැනීම් ද ඉතා අවම මට්ටමක පවතින බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |