කවුරුත් බලාගෙන ඉද්දි, මනාලියත් එක්ක නටන්න ආපු කෙනා කවුද ?මනාලයා හදිසි තීරණයක් ගනී...පසුව අදහාගත නොහැකි දෙයක් සිදුවෙයි.
විවාහය කියන්නෙ කෙනෙක්ගේ ජීවිතේ ලස්සනම දවසක්. ඒ දවස හැඩ වැඩ කරගන්න, අමතක නොවන දවසක් කරගන්න අපි හැමෝම ආසයි.
හැබැයි ඒ දවසට නොහිතපු, නොපැතූ දේත් වෙන්න පුළුවන්. මේ කතාව ඒ ගැනයි...
පසුගිය දවසක “කම්මුල් පහරක්” නිසා විවාහයක් නතර වුණු අසාමාන්‍ය පුවතක් අපට අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වුණා. පන්රුටි කියන ප්‍රදේශයේ පැවැති මංගල භෝජන සංග්‍රහයකදී මනාලයෙක්, මනාලියගේ කම්මුල් පහරට ගැසීම නිසායි මෙසේ විවාහ නතරව ඇත්තේ.
මනාලිය විසින් විවාහය නතර කිරීමට තීරණය කිරීමෙන් අනතුරුව හදිසියේම ඥාතියෙකු මනාලයා ලෙස තෝරාගෙන විවාහය සිදු කර තිබෙනවා.
මෙම විවාහයේ මනාලයා වීමට සිටි පුද්ගලයා වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවෙක් වන අතර මනාලිය ද උපාධිධාරිණියක් බවයි ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතේ දැක්වුනේ.
මංගල භෝජන සංග්‍රහය පෙරේදා රාත්‍රීයේ පැවැත්වුණු අතර, යුවළ ප්‍රසංගය අතරතුර නර්තනයක ද යෙදුණා.
එම මොහොතේ මනාලියගේ සහෝදරයෙකුගේ මිත්‍රයෙක් ද නර්තනයට එක් ව ඇති අතර, මනාලයා එයට කැමැත්තක් පළ කර නැහැ.
කෝපයට පත් වූ ඔහු කෝපය පිට කරන්නෙ මනාලියට කනට ගසමිනුයි.
පසුව වේදිකාවට ගොඩ වූ මනාලිය, විවාහය නවත්තන ලෙස ඉල්ලීමක් කරමින් හඬා වැටෙන්නට පටන් ගෙන තිබෙනවා.
“එයා දැන් මෙහෙම ගහනවා නම් විවාහයෙන් පස්සෙ මගේ ජීවිතේ කොහොම වෙයිද ?” අනතුරුව එක් රැයින් තවත් මනාලයෙක් සොයාගත් ඥාතීන් ඇයව පසුදිනම විවාහ කරදීමට තීරණය කර තිබෙනවා.
By Lakshan ඉන්දීය මාධ්‍ය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |