රටපුරා සිටින තාරුණ්‍යයේ අරගලකරුවන්ට අගමැති හා සම්බන්ධ වීමට නවතම වෙබ් අඩවියක්..! වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න..
ගෝටාගෝගම' අරගලකරුවන් හා සම්බන්ධ වී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කරමින් ඔවුන්ගේ අදහස් හා යෝජනා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත යොමු කිරීමේ වැඩසටහනක් ආරම්භ වී තිබෙනවා.
අරගලකරුවන් හා සම්බන්ධ වෙමින් පවතින ගැටලු අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කිරීමට මෙහි දී හැකි වනු ඇති.
එහි එක් ඉදිරි පියවරක් ලෙස "ගෝටාගෝගම" සිටින අරගලකරුවන් මෙන්ම රට පුරා සිටින වෙනසක් ඉල්ලන තරුණයන්ගේ ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් වෙබ් අඩෙවියක් හදුන්වා දී ඇති බව වාර්තා වනවා.
අග්‍රාමාත්‍ය නිල වෙබ් අඩවිය වන pmoffice.gov.lk හරහා සම්බන්ධ වෙමින් ඔවුන්ගේ යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ හැකි යි.
එසේ ඉදිරිපත් කෙරෙන යෝජනාවලින් වඩාත් ඵලදායි සහ ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරන තරුණයන්ට හෝ කණ්ඩායම්වලට අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී සාකච්ඡා කිරීමට ද ඉදිරියේ දී අවස්ථාව ලැබෙනු ඇති බව යි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |