ඉදිරි පැය 24 දක්වා බලපැවැත් වන පරිදි කාලගුණයයෙන් අනතුරු ඇඟවීමක්.

Department of Meteorology Weather
By Wayomi Dec 03, 2023 07:06 AM GMT
Report

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිත ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු අඟවනවා.

ඉදිරි පැය 24 ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන්..

ඉදිරි පැය 24 ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්..මේ ප්‍රදේශ වල අය දැඩි අවධානයෙන්..


එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලපැවැත් වන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

බෙංගාල බොක්කමුහුද ආශ්‍රිත ගැඹුර පීඩන අවපාතය, අද (03) වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 11.4° සහ නැගෙනහිර දේශාංශ 82.5° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිය කි.මී 325ක් පමණ ඊසාන දෙසින් පැවති බවයි එම දෙපාර්තමේන්තුව තවදුරටත් අවධාරණය කළේ.


Gallery