කාලගුණයෙන් හදිසි රතු නිවේදනයක්

Weather Latest Headlines Rain Sinhala news SriLanka - Puwath
By R.rishma Jul 03, 2026 09:31 AM GMT
Report

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මෙම නිවේදනය අද (03) පෙ.ව. 11.00ට නිකුත් කර ඇති අතර එය හෙට (04) පෙ.ව. 11.00 දක්වා වලංගු වේ.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55ත් 65ත් දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවය.

හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2ත් 2.5ක් පමණ ඉහළ යාමේ හැකියාව පවතින බව සඳහන්.