බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අද වැසි - සෙසු ප්‍රදේශවලට වියළි කාලගුණයක්

Weather Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 25, 2026 06:01 AM GMT
Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද දිනයේ වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම, දිවයිනේ සෙසු ප්‍රදේශවල බොහෝ දුරට වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.

මේ අතර, උතුරු සහ උතුරු-මැද පළාත් ඇතුළු ප්‍රදේශ කිහිපයක විටින් විට තද සුළං හමා යාමේ හැකියාවක් පවතින බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.