දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අදත් හවසට වැසි
TN Weather
Weather
Latest Headlines
Rain
Sinhala news
By R.rishma
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවනු ඇත.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන පරිදි, ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 2න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 30-40 පමණ තරමක තද සුළං හැමීමේ හැකියාවක් පවතී.