බෙංගාල බොක්කේ කැළඹිලි ස්වභාවය තවත් - අද 01ට ලංකාවේ සිදුවන දේ ගැන දන්නවා ද?. ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න.

Department of Meteorology Weather
By krishani Nov 29, 2023 01:26 AM GMT
Report

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින කැලබිළි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු විය හැකිය.

බෙංගාල බොක්කේ කැළඹිලි ස්වභාවය තවත් - අද 01ට ලංකාවේ සිදුවන දේ ගැන දන්නවා ද?. ජනතාවට විශේෂ දැනුම්දීමක් මෙන්න. | Weather Today 29Th November 2023

ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය ද දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවති.

සුළි කුණාටු තත්වයක් - කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්..!

සුළි කුණාටු තත්වයක් - කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්..!


එමෙන්ම උතුර, නැගෙනහිර,දකුණු, උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති විය හැකිය.

දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර නැගෙනහිර, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකිය.

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද වැස්ස එන වෙලාව ගැන දන්නවා ද?. දැනගෙනම එළියට යන්න.. ජනතාවට දැනුම්දීමක්.

අද වැස්ස එන වෙලාව ගැන දන්නවා ද?. දැනගෙනම එළියට යන්න.. ජනතාවට දැනුම්දීමක්.