අද වැස්ස එන වෙලාව ගැන දන්නවා ද?. දැනගෙනම එළියට යන්න.. ජනතාවට දැනුම්දීමක්.

Department of Meteorology Weather
By krishani Nov 28, 2023 12:55 AM GMT
Report

අද වැස්ස එන වෙලාව ගැන දන්නවා ද?. දැනගෙනම එළියට යන්න.. ජනතාවට දැනුම්දීමක්. | Weather Today 28Th November 2023

අද (28) නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එමෙන්ම උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

අද පස්වරු 1.00න් පමණ පසු දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි ය.

කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද සිට දිවයින පුරා සිදුවන මේ දේ ගැන දන්නවා ද කියලා බලන්න - කාලගුණයෙන් දැනුම්දීමක් මෙන්න.

අද සිට දිවයින පුරා සිදුවන මේ දේ ගැන දන්නවා ද කියලා බලන්න - කාලගුණයෙන් දැනුම්දීමක් මෙන්න.