අද දිවයින පුරා කාලගුණයේ වෙනසක්..සුළං තත්ත්වයේ ඉහළ යෑමක්..
අද දින ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සමබර කාලගුණයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.
මේ අතර, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සෞම්‍ය කාලගුණයක් පවතිනු ඇත. සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී.25-35 පමණ වේ.
ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.55 දක්වා වැඩි විය හැකි අතර කොළඹ සිට කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.