දිවයින පුරා වැසි තත්ත්වය වෙනස් වෙයි..අද හවස 2.00ට එළියට යනව නම් මේගැනත් අවධානයෙන්..

Provincial Council Sabaragamuwa Province TN Weather Weather
By Aruna Jan 20, 2024 02:25 AM GMT
Report

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිවා.

මේ අනුව, උතුරු පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එහි වාර්තා වන්නේ.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මි. 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවද එහි සඳහන්.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකි බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Sponsored By Sarrita Jewellery

දිවයින පුරා වැසි තත්ත්වය වෙනස් වෙයි..අද හවස 2.00ට එළියට යනව නම් මේගැනත් අවධානයෙන්.. | Weather Sri Lanka 2024 01 20