පලාත් 05ක සහ දිස්ත්‍රික් 05කට අද සවස 2.00න් පසු සිදු වන දේ ගැන දැනුම්දීමක්..
බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියා, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.
එහි තවදුරටත් දැක්වෙන්නේ, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
මේ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තද වැසි ඇති විය හැකිය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.