අද සවස 04 න් පසු මේ ගැන අවධානයෙන් ඉන්න..මේ ප්‍රදේශ වල අයට විශේෂයි..
Western Province
Sabaragamuwa Province
TN Weather
Weather
By Aruna
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (02) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ බව දැනුම්දී තිබේ.
මේ අතර, එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල අද ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසයි.