අද ප්‍රදේශ රැසකට මහ වැසි..මේ ප්‍රදේශ වල අය විමසිල්ලෙන්..

Matara Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Sep 20, 2023 01:14 AM GMT
Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වයඹ පළාතේ සහ මහනුවර, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එහි වැඩිදුරටත් සඳහන්.

සන්ධ්‍යා කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද අපේක්ෂා කෙරේ.

මේ අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නිවේදනයක්..!

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් නිවේදනයක්..!