ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්..වහාම ආරක්ෂිත ස්ථානයන් වෙත යන්න..

Western Province Southern Province TN Weather Weather
By Aruna Jul 27, 2024 01:44 AM GMT
Report

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා.

අදාල නිවේදනයේ සඳහන් වන්නේ, සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බවයි.

ඒ අනුව, අරාබි මුහුදු ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 13 ත් 23 ත් සහ නැගෙනහිර දේශාංශ 55 ත් 70 ත් යන ප්‍රදේශවල සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍ දෙශයේ උතුරු අක්ෂාංශ 13 ත් 18 ත් සහ නැගෙනහිර දේශාංශ 83 ත් 93 ත් යන මුහුදු ප්‍රදේශ වල පැයට කිලෝමීටර් 70 – 80 තද සුළං පවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

අද ඔබට විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව ලැබෙන දවසක්..තරුණ ඔබ පරිස්සම් වන්න..

අද ඔබට විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව ලැබෙන දවසක්..තරුණ ඔබ පරිස්සම් වන්න..


මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අනුව, එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී ඇත.

මේ අතර, අද (27) දිනයේ සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

නායකයින් වෙනස් වූ ඉන්දු ශ්‍රී ලංකා T20 ගැටුම..අද තරඟයේ විශේෂත්වය මෙන්න..

නායකයින් වෙනස් වූ ඉන්දු ශ්‍රී ලංකා T20 ගැටුම..අද තරඟයේ විශේෂත්වය මෙන්න..


මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 50ක 55ක පමණ තද සුළං ඇතිවිය හැකියාව ඇත.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින්විට පැ.කි.මී. 30ත් 40ත් අතර තරමක තද සුළං ද ඇති විය හැකි බව අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%