යළි කැළඹුණු කාලගුණය ඉදිරි පැය 36 තුළ කෙසේ බලපායි ද? - නවතම කාලගුණ තත්වය මෙන්න.

Department of Meteorology Weather
By Wayomi Jun 09, 2024 12:24 PM GMT
Report

ඉදිරි පැය 36 සඳහා වන කාලගුණ නිවේදනය නිකුත් කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවයි.

එමෙන්ම උතුරු-මැද පළාතේත් මන්නාරම සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවිය හැකි අතර ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.