එකවරම ප්‍රදේශ රැසක ජනතාවට හදිසි දැනුම්දීමක්..මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

Colombo Galle Matara TN Weather Weather
By Aruna Dec 15, 2023 04:59 AM GMT
Report

කොළඹ සිට ගාල්ල, හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා ඉහළ යා හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

ඒ අනුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ, එම මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

මේ අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැළෙන අධික වර්ෂාව සමග පොලොන්නරුව සෝමාවතිය මාර්ගය 35 කණුව ප්‍රදේශය ජලයෙන් යට වී ඇති බවයි පොළොන්නරුව අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය, මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වියහැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල අද සවස 1.00 න් පමණ පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

දකුණ, ඌව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවයි නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.

මේ අතර, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පවතී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.