අද සිට දිවයින පුරා කාලගුණයේ වෙනසක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වල අයටයි..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Jan 30, 2024 01:51 AM GMT
Report

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මුලතිව්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි පැවසෙන්නේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.

මේ අනුව, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කරන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Sponsored By Sarrita Jewellery

අද සිට දිවයින පුරා කාලගුණයේ වෙනසක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වල අයටයි.. | Weather In Sri Lanka Change